Colombo Today Local News

මෙරටට ළඟා වූ ඩීසල් නැවකට මුදල් ගෙවයි..

මෙරටට ළඟා වූ ඩීසල් නෞකාවකට මුදල් ගෙවීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාව පවසයි.

තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිතව ඇති බව වාර්තාවේ.

මේ අතර රජයේ වාහන, ආයතනික වාහන හා ව්‍යාපාරික වාහන ලියාපදිංචිය සඳහා සාමාන්‍ය ලියාපදිංචි ක්‍රමවේදය භාවිත කරමින් එම වාහනයේ රියැදුරුගේ ජාතික හැඳුනුම්පත් අංකය, ගුවන් ගමන් බලපත්‍රය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග එක් වාහනයක් සඳහා එක් ජංගම දුරකතන අංකයකින් ලියාපදිංචි වීමට පහසුකම් සලසා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ, ලබන 12 වැනි දා සිට ඒ සඳහා පහසුකම් සලසා ඇති බවයි.

මේ අතර QR කේත ක්‍රමය යටතේ මේ වනවිට දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කෙරේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, ඊයේ රාත්‍රි 9.00 වනවිට වාහන 119,238 කට QR කේත ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කළ බවයි.

මේ වනවටි QR කේත ක්‍රමයට ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව 5,274,800 ක් වේ.

Related posts

බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල ඉරිදා සහ පොහොය දිනවල ටියුෂන් තහනම්.

colombotoday

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

colombotoday

ඥානසාර හිමි කොඩිය ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට?

colombotoday

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

Admin