Colombo Today Local News

විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත.

මෙම පොලිස් ඒකකය නැවතත් පිහිටුවන ලෙස කෝප් කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිලධාරීන්ට නිර්දේශ කර ඇත.

ආයතනයේ විමර්ශන අංශයේ පොලිස් බලයත් සමග යන්නේ නම් හොඳ බව විගණකාධිපතිවරයා පවසයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ආයතනයේ විමර්ශන නිලධාරීන් පොලිස් නිලධාරීන් සිටිනවාට කැමති නැති බව පෙනී යන බවයි.

ආයතනයේ විමර්ශන නිලධාරීන් සිටින්නේ විසි දෙනෙකු පමණක් බවත් ඒ විසි දෙනාට රට පුරා විමර්ශන කටයුතු කිරීමේ හැකියාවක් නැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.

colombotoday

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

colombotoday

අද රන් මිල මෙන්න

Admin

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

කන්කසන්තුරේ ජයත් සජිත්ට…

colombotoday

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday