Colombo Today Local News

සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයි

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් අද(14)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ.

පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 385කි.

පාන්පිටි කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 250කි.

සුදුළූණු කිලෝවක් රු 35කින් පහත දමා තිබේ.

ඒ අනුව සුදුළූණු නව මිල දැක්වෙන්නේ රුපියල් 460ක් ලෙසයි.

ලොකුළූණු කිලෝවක් රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 190කි.

දේශිය ටින් මාළු නව මිල රුපියල් 490ක් වන අතර එය රුපියල් 5කින් පහත හෙලා තිබේ.

Related posts

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

colombotoday

අයිතිවාසිකම් ඉල්ලා මුස්ලිම් පිරිසක් උද්ඝෝෂණයක

colombotoday

සයිටම් ගැන තීන්දුවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස්වෙයි

colombotoday

සෝභිත හිමි අභිරහස් අපවත්වීම ගැන උඩුවේ හිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

දුම්රිය පිලී පනී – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Admin

මහින්දගේ අලුත් පක්ෂය එළියට එද්දී ශ්‍රීලනිපය කරන්න යන දේ මෙන්න

colombotoday