Colombo Today Local News

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමට නාවික හමුදාවේ සහාය ලබාගත් බව ලතීෆ් මහතා පැවසීය.

එම යාත්‍රාව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් වට කිරිමත් සමඟ එහි තිබූ මත්කුඩු කිලෝ 500 කට අධික ප්‍රමාණයක් මුහුදට දමා ඇතැයි ලතීෆ් මහතා පැවසිය.

ඇෆ්ගනිස්ථානයේ සිට මෙම හොරොයින් තොගය ලංකාවට ප්‍රවාහනය කර තිබේ.

Related posts

“ප්‍රමිතිය බාලයි.. වසා දැමිය යුතුයි..“ සයිටම් විරෝධයට චම්පිකත් එක්වෙයි !!

colombotoday

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday

පාන් ගෙඩියක් රු300යි

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

Admin

මහින්දගේ ආරක්ෂක ප්‍රධානියාට එරෙහිව නඩු 4 ක් විභාගයට

colombotoday