Colombo Today Local News

සයිටම් ගැන තීන්දුවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරකසභා රැස්වීමක් මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මුලස්ථානයේදි පැවැත්වෙනවා. මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූව සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡුා කිරීමට නියමිතයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් විසින් තමන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචියට අවසර ඉල්ලමින් අභියාචනාධිකරයේ පෙත්සමක් ගොනුකර තිබු අතර එහි තීන්දුව පසුගිය 31 වැනිදා අභියාචනාධිකරණය ප‍්‍රකාශයට පත්කළා. තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය සඳහන් කර තිබුණේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය ආයතනය උපාධිය ලබාදෙන ආයතනයක් ලෙස 2011 පිළිගෙන ඇති බැවින් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අවසර ලබාදුන් බවයි.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරකසභා රැස්වීමක් මේ වනවිට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මුලස්ථානයේදි පැවැත්වෙනවා.

Related posts

ජනතාව සහය ලබා දුන්නොත් රට වසා දැමීමේ අවශ්‍යතාවයක් නැහැ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

colombotoday

රාජකාරියේ නිරතව සිටි ට්‍රැෆික් නිලධාරියා ව මෝටර් රථයක් හප්පලා

colombotoday

එක්සත් ජාතික පක්ෂය තරුණ නායකත්වයක් යටතට පැවරීමේ තීරණයක්

colombotoday

කඩුවෙලදී තියුණු ආයුධයකින් පහරදී, ගෙලට වෙඩි වැදුනු පුද්ගලයකු හමුවෙයි

Admin

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

Admin

අවුරුදු 18 සම්පුර්ණ වන තුරු සුන්නත් කිරීම තහනම් කරන්න. – ඉස්ලාමය හැරගිය සංවිධානය එක නීතියක් බලකායෙන් ඉල්ලයි.

colombotoday