Colombo Today Local Newsfeatured

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

යුධ හමුදා බුද්ධි අංශ රණ විරුවන් වෙනුවෙන් හෝමාගම අධිකරණ ශාලාව තුළ ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන්  අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම්  රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට  එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ එම පෙත්සම මඟින් ඥානසාර හිමියන් ඉල්ලා ඇත්තේ තම විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගෙන ,තමන්ට එරෙහිව අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව ඉවත දමන ලෙසත් ,එය බල ශුන්‍ය කොට තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසය.

වසර හයක සිර දඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම තීන්දුවට  එරෙහිව අභියාචන පෙත්සමක්  ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර  මීට පෙර සිදු කළ එම  ඉල්ලීම අභියාචනාධිකරණය  විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව ඥානාසාර හිමියන් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

Related posts

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි

colombotoday

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

colombotoday

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

කැලණිතිස්ස බලාගාරය අක්‍රීය කරයි

Admin