Colombo Today Local News

තෙල් පෝලිමක තවත් මරණයක්

පුත්තලම නගරයේ පිරවුම්හලක පෝලිමේ සිටි අයකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ පුත්තලම – මනල්ගුණ්ඩුව පදිංචිකරුවෙකු වන අබ්දූල් කාසිම් මොහොමඩ් නියාස් (අවු:63) නම් අයෙකි.

සිය ලොරියට ඩීසල් ලබා ගැනීම සදහා පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණ පෝලිමේ සිට ඇත.

ඔහු තම ලොරියේම සිට ඇති අතර,ලොරි රථය ඉදිරියට ගමන් නොකරන්නේ කුමන හේතුව නිසා දැයි එම ස්ථානයේ සිටි අය සොයා බලන විට, ලොරි රථය තුළම ඔහු නිසොල්මන්ව සිටින ආකාරය අවට සිටි පිරස දැක තිබේ.

පසුව ඔහුව කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත්, ඒ වන විටත් එම අය මිය ගොස් සිට ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

Related posts

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

colombotoday

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

Admin

දානය දීම කුරාණයට පටහැණියි.. මිලිදූව පල්ලියේ දානයට එල්ලවූ ප්‍රහාරය ගැන තව්හිද් ජමාත් ගෙන් අමුතු ලිපියක්…

colombotoday

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ

colombotoday

වැඩිකළ ඉන්ධන කෝටාව ඉදිරි සතියේදීත් ලැබෙයි

Admin