World

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

නාදුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් හයිටි ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

ජනාධිපති ජොවෙනෙල් මොයිස් ගේ නිවසට මෙම සන්නද්ධ පිරිස ප්‍රහාරය එල්ල කොට ඇති අතර ඉන් ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අන්තර්වාර අගමැති ක්ලෝඩ් ජෝසෆ් සඳහන් කර සිටියේ.

මෙම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටි.

53 හැවිරිදි ජනාධිපති ජොවෙනෙල් මොයිස් 2017 වර්ෂයේදී බලයට පත්විය. ඒ එවකට සිටි හයිටි ජනාධිපති මයිකල් මාර්ට්ලී සිය ධුරයෙන් අත්හැර යෑමත් සමගයි.

Related posts

ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 2ක්

colombotoday

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

colombotoday

එමිරේට්ස් ගුවන් සමාගම සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඩ්‍රෝනා ප්‍රහාරයකින් අල්කයිඩා නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරේ

colombotoday

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ හවුති කැරලිකරුවන් ට දැඩි අනතුරු ඇඟවීමක්

colombotoday

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.. හිටපු ජනපති අත්අඩංගුවට ගනී

colombotoday