World

ඉස්ලාම් සත්ව බිලි පුජාවට ඉර්ෆාන් ඛාන් ගෙන් කනේ පාරක්

ඉස්ලාමයේ සත්ව පූජාවට එරෙහිව බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් අදහස් දක්වා තිබෙනවා.

“අපි මෙම චාරිත්‍ර ඉටු කරන්නේ ඒවායේ ඇති අරුත නොදැන” යැයි ඛාන් බ්‍රහස්පතින්දා පැවසීය.

“ඔබගේ සිනමා ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන්න. අපේ ආගම ගැන ප්‍රකාශ කිරීමෙන් වළකින්න.” යැයි ඉස්ලාම් පූජකවරු පිරිසක් ඉර්ෆාන් ඛාන්ට පවසා ඇත.

“කුර්බානි (සතුන් පූජා කිරීමේ ආගමික පුරුද්ද) යන්නෙහි තේරුම නම් ඔබ පූජා කිරීමට මිලදී ගන්නා එළුවෙකු හෝ බැටළුවෙකු වෙනුවට ඔබට සමීප දෙයක් පූජා කිරීමයි” යනුවෙන් ඛාන් ඩෙකන් හෙරල්ඩ් පුවත්පතට පැවසීය.

ලොව පුරා බොහෝ මුස්ලිම්වරු ඉස්ලාමීය උත්සව දෙකෙන් එකක් වන ඊද් අල්-අදා සනිටුහන් කිරීම සඳහා සතුන් පූජා කරති.

ශුද්ධ වූ රාමසාන් මාසය තුළ මුස්ලිම්වරුන් විසින් නිරාහාරව සිටීම පිළිබඳව ද ඉර්ෆාන් ඛාන් අදහස් දක්වා ඇත.

Related posts

උපහාර උත්සවයකට ගිය 11ක් අව් රශ්මියට මිය ගිහින්

Admin

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

අදට දින 16යි.. ජයලලිතා සිහි සුන්ව තවමත් රෝහලේ !

colombotoday

අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයි

Admin