World

අනුමත නොකල ඖෂධ දී ඊජිප්තුවේ ළමුන් මිය යයි

අනුමත නොකරන ලද ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් ළමුන් කිහිප දෙනෙකු මිය ගිය බවට ඊජිප්තුවෙන් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝහල් වෛද්‍යවරුන් විසින් අනුමත නොකරන ලද ඖෂධයක් එන්නත් කිරීමෙන් පසු අවුරුදු දෙකක දරුවෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ඊජිප්තු මාධ්‍ය පවසන්නේ, පසුගිය මාසය තුළ පමණක් ඩොලර් මිලියන 160 කට වැඩි අනුමත නොකරන ලද ඖෂධ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇමරිකාවේ Journal of Tropical Medicine and Hygiene සඟරාවේ මෑත වාර්තාවකද අනුමත නොකරන ලද ඖෂධ නිසා සෑම වසරකම ළමුන් 300,000ක් පමණ මිය යන බව සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

පලස්තීන වැසියන්ට පිටවන්න පැය 4ක් පහර නොදෙන්න ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයට සෞදි රජයෙන් ඩොලර් බිලියන ගණනක් !

colombotoday

පැය 24කට අඩු කාලයකදී හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

Admin

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

Admin

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

colombotoday