Colombo Today Local News

මහා පරිමාණ මුදල් වංචාවකට හිරේ ගිය තිළිණිට ඇප

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ප්‍රියමාලි ගමගේ මහතා අද (16)දින නියෝග කර ඇත.

මෙම නඩුවට අදාළව සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොන්දේසියක් නියම කර තිබේ.

විදෙස් ගමන් තහනම ට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර් වරියට නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ විභාග වූ තවත් නඩු හතක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි යන අයට ඉකුත් අඟහරුවාදා අධිකරණයෙන් ඇප නියම කෙරිණි.

Related posts

යූ.එන්.පී. පත්වීම් 5000ක්‌ ජනපති අණින් නවතී

colombotoday

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

colombotoday

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

Admin

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

ඉන්දියාවෙනුත් මිනිසුන් අභ්‍යාවකාශයට

Admin