Colombo Today Local News

ලංකාවේ විදිහට ඉන්න බැරිනම් යන්න – දුමින්ද

ශ්‍රී ලංකාව තුළ පොදුවේ සියලු ජන කොටස් වලට එක් නීතියක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එය පිළිගැනීමට නොහැකි අය වෙනත් රටක් වෙත ගියාට කිසිදු ගැටලුවක් නොමැති බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

අද පාර්ලිමෙන්තුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අමතක කරන්න එපා.මේක බෞද්ධ රටක්.බෞද්ධයා මුල්වෙච්ච සමාජයක් ජීවත් වන රටක්.අපි බෞද්ධ ජනතාවට ස්තූතිවන්ත විය යුතුයි.මං හිතන්නේ අපි හැමෝටම ඒ ස්තුතිය කරන්න අමතක වුණා.හැබැයි අපි මතක් කරන්න ඕන.ඒ බෞද්ධ ජනතාව බැරිවෙලාවත් නැගිට්ටනම්, බෞද්ධයන් කුපිත වුණා නම් මීට වඩා මහා විනාශයක් වෙනවා.

ඒ නිසා මං මේක අවස්ථාවක් කරගන්වා බෞද්ධ ජනතාවට හා බෞද්ධ ආගමික නායකයන්ට මේ වෙලාවේ ජාතිවාදය අවුස්සන්නේ නැතිව , මේ ප්‍රශ්ණය උග්‍ර කරන්නේ නැතිව ඒ ලබාදුන්නේ සහයෝගය පිළිබඳව මම බෞද්ධ සමාජයට ස්තුතිවන්ත වෙනවා

අද මේ රටේ සියලුම අනෙකුත් ජාතීන් වලට 18 වෙනකම් ඉන්න ඕන බඳින්න. 18 මසෙකට කලින් බැන්දොත් හිරේ විලංගුවේ දානවා.හැබැයි ඉස්ලාම් ධර්මය තුළ වැඩිවියට පත්වෙච්ච ළමයට අවුරුදු 15දී බඳින්න පුලුවන්කම තියනවා.ආගමික වෙනසක් තියෙන්න පුලුවන්. හැබැයි රටේ නීතිය එකක් විය යුතුයි.ඒ නිසා සියලු පක්ෂ මේක අත්දැකීමක් කරගෙන එක රටක් එක නීතියක් කියන සංකල්පය අපි මේ රටේ ස්ථාපිත කරන්න ඕන.

ලංකාවේ විශාල කතාබහක් තිබෙනවා තිබෙන පාසල් සියල්ල පොදුවේ ඉගනන්න පුලුවන් ඉස්කෝල වෙන්ඩ ඕන කියලා.එහෙම නැතිව අපි දරුවෙක්ව අවුරුදු 18ක් එක වර්ගයක් එක්ක තියලා එක විදියකට පුරුදු කරලා අපි ඊළඟ අවුරුද්දේ කියනවා උඹ යාලුවියං අහවල් ජාතියත් එක්ක කියලා. මේක ප්‍රායෝගිකව කරන්න පුලුවන් කමක් නෑ. ඒ නිසා අධයාපනය ක්‍රමය වෙනස් වෙන්න ඕන

මේ වෙලාවේ මුස්ලිමේ දේශපාලන නායකයො මේක බෞද්ධ රටක් කියලා පිලිගන්නවා වගේම අපේ පැත්තෙන් තියන අඩුපාඩු හදාගන්නම් කියලා තියනවා.හැබැයි ඒක මේ වෙලාවේ විතරක් පිලි අරගෙන හරියන්නෑ.මුස්ලිම් නායකයෝ ටික තමන්ගේ වැරදිකාරයෝ මේ සමාජය ඉදිරිපිට පෙන්වන්න ඕනකම තිබෙනවා ඒක අපි පෙන්නවන්න ගියොත් අපි ජාතිවාදියෝ වෙනවා අපි ජාතිවාදියෝ නෙමෙයි අපි ජාතිකවාදියෝ.හැබැයි මුස්ලිම් දේශපාලන නායකයන්ට ආගමික නායකයන්ට පුලුවන්කම තිබෙනවා තමන්ගේ ආගම තුළත් මේ රටට ගැලපෙන් නැති කෑලි තිබෙනවනම් මේ රටට ඔබින් නැති කෑලි තිබෙනවනම් ඒ ටික එක්කෝ නිශ්ශබ්ද කරන්න.එක්කෝ හකුලගන්න.

එහෙම නැතිනම් ඒ දේවල් පිලින්න රටකට එගොල්ලෝ යන්න ඕන.මේ බෞද්ධ රටේ ඒ වගේම බෞද්ධ සංස්කෘතිය පිලිගන්න බෞද්ධයා මූලික වෙච්ච සමාජයක් කියන එක කටින් විතරක් කියවලා හරියන්නෑ. සමහර අයට වුවමනා වෙලා තියනවනම් ශරියා නීතිය හෝ මේ රටට ගැලපෙන් නැති නීතියක් අපි කියනවා බැරි කට්ටිය ඒ ගැලපෙන රටකට ගියාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ.

මේවට දේශපාලනය ගාවගන්න එපා.දේශපාලනය නිසා තමයි අද පාර්ලිමේන්තුව බැනුම් අහන්නේ.අද සමාජය රටවැසියා මොකද්ද කියන්නේ.මේ පාර්ලිමෙන්තුවේ 225ම එකට තියලා බෝම්බයක් ගහන්න ඕන කියන තැනට ඇවිල්ලා තියෙන්නේ.ඒ මොකද පාර්ලිමේන්තුව කියන තැන පිළිබඳව විශ්වාසය ගිලිහිලා තිබෙනවා.ඒ නිසා දේශපාලනය පැත්තකින් තියලා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කවුද, කවුද ජානාධිපති වෙන්නේ කවුද ආණ්ඩුව හදන්නේ කියන එක පැත්තකින් තියලා, අපේ දරුවන්නේ අනාගතය වෙනුවෙන් ඒ නිවැරදි තීන්දු අරගෙන එක රටක් තුළ එක නීතියක් ඇති කරන යුගයක් ඇති කරන්න සියලු දෙනා කටයුතු කරන්න එකතු වෙමු කියලා මම ඉල්ලා සිටිනවා.

Related posts

රනිල්ගෙන් ඊ නිවුස් සඳරුවන්ට පවුම් 25000 ක කප්පම් – ජනපතිට දිගටම මඩ ප්‍රහාර

colombotoday

“ලැජ්ජා සහගත පත්වීමක් කරන්න ‘යහපාලන රජයට’ කැතක්, පිළිකුලක් නැතිද?” CAFFE

colombotoday

ගිනිගත් නැවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට මූලික වන්දි ගෙවීමක්

colombotoday

අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොග අප්‍රේල් 01 වැනි දා විනාශ කරනවා

colombotoday

නාකොටික් නිලධාරින් 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin