Colombo Today Local News

රනිල්ගෙන් ඊ නිවුස් සඳරුවන්ට පවුම් 25000 ක කප්පම් – ජනපතිට දිගටම මඩ ප්‍රහාර

දැනට ශ්‍රී ලංකාව තුල තහනම්ව ඇති ලංකා ඊ නිවුස් නම් වූ වෙබ් අඩවියෙහි හිමිකරු සඳරුවන් සේනාධීර හට අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එංගලන්තයේදී ස්ටර්ලින් පවුම් 25000 ක මුදලක් (රු ලක්‍ෂ 52 ක්) ලබාදී ඇති බව තොරතුරු අනාවරණය විය. ඔහු පමණක් නොව තවත් වෙබ් මාධ්‍යවේදීන් දෙනෙකු මුණගැසී ඇති අතර, මෙහි අරමුණ ජනාධිපතිවරයාට සහ එජාප ප්‍රභලයින් හට සයිබර් පහාරයක් එල්ල කිරීම බව දැනගන්නට ඇත.

මෙම සිද්ධිය පිටුපස විශාල සැලසුමක් ඇති අතර, මීට ප්‍රථම අවස්ථා ගණනාවකදී අගමැති රනිල් විසින් සඳරුවන් හට මුදල් ලබාදී ඇති බව දැනගන්නට ඇත. එම මුදල් ලබාදීම එක් වරක් ඇමති සාගල රත්නායක හරහා සිදුකර ඇති අතර, මෙම හමුවීම් ඉතා රහසිගත ආකාරයට සිදුව ඇත. නමුත් සීමා මායිම් නැති වෙබ් මාධ්‍යවේදියෙකු වන සඳරුවන් විසින් එම හමුවීම් පිළිබඳ විස්තර මිතුරෙකු හට පවසා ඇත.

2015 වසරේ සිට අගමැතිවරයා විසින් විවිධ කරුණු සඳහා සඳරුවන් මුණගැසී ඇති අතර, ජනපතිවරයා විසින් බැඳුම්කර සිද්ධිය සඳහා ජනපති විමර්ෂණ කොමිසම ආරම්භ කිරීමත් සමග සඳරුවන්ගේ ඊ නිවුස් වෙබ් අඩවිය හරහා ජනපතිවරයාට හා පවුලේ අයට දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරන ලදී. මේ පිලිබඳව ජනපතිවරයාගේ පාර්ශවයෙන් විවිධ පුද්ගලයින් සැකයට භාජනය කරන ලද අතර, එම මඩ ප්‍රහාරය වෙනත් පුද්ගලයින්ගේ ගිණුමට බැරවන ආකාරයට සිදු කිරීමට සූක්ෂම වීම ඉතා සැලසුම්සහග ක්‍රියාවකි.

ඊ නිවුස් කතෘවරයා විසින් මේ ආකාරයට 2015 පටන් අද දක්වා දිගින් දිගටම ජනපතිවරයාට හා දේශපාලන නායකයින් හට දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරන්නේ අගමැතිවරයාගෙන් ලබන සන්තෝසම් නිසා බව දැන් ඔප්පු වී ඇත. අගමැතිවරයා හා සාගල රත්නායක ඇමතිවරයා විසින් යම් යම් අවස්තාවලදී සඳරුවන් හා දුරකතනයෙන් සම්බන්ද වී තොරතුරු හුවමාරු සිදුකරන අතර රුසියන් යුධ නැවේ සිද්ධිය පිළිබඳව ජනපතිවරයාට ඉඳුරාම චෝදනා එල්ල කරන්නේ අගමැතිවරයාගේ උපදෙස් මත බව දැනගන්නට ඇත.

මේ ආකාරයට රුපියල් කෝටි 1.1 කට ආසන්න මුදලක් අගමැතිවරයා විසින් ඊ නිවුස් කතෘ සඳරුවන් සේනාධීරට ලබාදී අගමැතිගේ ඉදිරි සැලැස්ම ක්‍රියාවට නැංවීමට වෙබ් දැලක් එලා ඇත. යහපාලන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සොරකම්, දූෂණ මැඩලීම සඳහා බලයට පැමිණි අරමුණ බිඳ දමමින් අගමැතිවරයා සිදුකල මහබැංකු වංචාවට එරෙහිව ජනපතිවරයා කටයුතු කරද්දී එයින් වියරු වැටුනු අගමැති රනිල් සිදුකරනා මෙම පහත් පෙලේ කටයුත්ත පිළිබඳව සමාජය දැනුවත් විය යුතුමය.

Related posts

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවෙකු නිදොස් කොට නිදහස් කරයි

colombotoday

පිලිපීනයේ මැනිලා අගනුවර වසා දැමේ !

colombotoday

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday

ජනපති මංගලගේ කෑල්ලක් ගලවයි.. රූපවාහිනිය, ගුවන්විදුලිය පවරා ගැනීමට සූදානම්

colombotoday

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

colombotoday

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday