Colombo Today Local News

ත්‍රී රෝද රථ හිමියන්ට අලුත් වාහන ගන්න මිලියන දෙකක ණයක්…

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ත්‍රී රෝද රථ හිමියන් හා විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා ණය පහසුකම් ලබාදීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මූල්‍ය පහසුකම් සැලසීමේ කටයුතු පුළුල් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය සතියේ ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඒ අනුව විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව නිවාස ණය පහසුකම් ලබාදීමට නියමිතයි.

ත්‍රී රෝද රථ හිමියන්ට කුඩා වර්ගයේ මෝටර් රථ මිල දී ගනිමින් සිය වෘත්තිය සිදුකරගෙන යාමට රුපියල් මිලියන 2ක ණය පහසුකම් හිමිවන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ උපදෙස් මත මේ ණය පහසුකම් සකස් කර ඇත.

2017 සහ 2018 අයවැය මගින් හඳුන්වාදෙනු ලැබූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ස්වයං රැකියා වෘත්තිකයින්, කාන්තා ව්‍යවසාකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් රැසකට සහන සැලසීමට මුදල් හා ජනමධ්‍ය, අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහනදායී ණය යෝජනා ක්‍රමයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් තවදුරටත් සහනදායී ණයක් ලබා දීම සඳහා පාර්ශ්වකරුවන්ගේ ක්‍රියාකාරිත්වයේ ඊළඟ පරම්පරාවේ ආර්ථික ක්‍රිකාරකම් සඳහා පාර්ශ්වකරුවන්ට ඉඩ සැලසෙන යෝජනා ක්‍රම පුළුල් කිරීමට යෝජනා කරන බවත් . ඒ අනුව විදසේ ශ්‍රමිකයන්ට අවුරුදු දෙකක සහන කාලයක් සහිතව වසර 15 ක් ගෙවිය යුතු නිවාස ණයක් මේ සඳහා ලබා දීමට නියමිතය.

විදසේ ශ්‍රමිකයන්හට සිහින ඔවුන්ගේම නිවසක් සඳහා සිහිනයක් ඇති බව ඇති අතර ඒ සඳහා නිසි මගපෙන්වීම සහ මූල්ය කළමනාකරණය නොලැබීම හේතුවෙන් එය ඔවුන්ට කර ගැනිමට නොහැකි වි ඇති බවත් යෝජිත නව යෝජනා ක්‍රමය අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ලියාපදිංචිවී සිටින එම සියලුම විදෙස් ශ්‍රමිකයන්ට මේ ණය මුදල පහසුවෙන් ලබා ගැනිමට හැකි වන අයුරින් ලබා දීමට නියමිත බවත් අමාග්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේයත

ණය අයදුම් කරනු ලබන විදසේ ශ්‍රමිකයන් දේශීය බැංකුවක මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගත යුතු වන අතර මේ සඳහා පොලී අනුපාතය සියයට 75 ක් භාණ්ඩාගාරයෙන් ලබා ගැනිමට නියමිතය.

Related posts

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

colombotoday

ජනාධිපති මන්දිරයට විශේෂ ආරක්‍ෂාවක් යොදවයි

colombotoday

සා. පෙළ ප්‍රතිඵල එනකන් දරුවන්ට පාසලේදීම වෘත්තීය පුහුණුවක්

Admin

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday

තිරිඟු පිටි මිල අඩු වෙයි

Admin

“බඩුත් එක්ක හොරු අහුවෙලා…” රහීම් රජයට කළ කෝටි 20ක පාඩුවක් ගැන හෙළිදරව්වක්

Admin