Colombo Today Local News

යහපාලන ඉඩම් කොල්ල නිසා නකල්ස් රක්ෂිතය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

නකලස් රක්ෂිතය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් මතුව ඇති බව ගැෆෙක් ශ්‍රී ලංකාහි අධ්‍යක්ෂ පරිසරවේදී ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

යුනෙස්කෝව විසින් නකල්ස් රක්ෂිතයේ හෙක්ටයාර් 21,000ක ප්‍රමාණය ලෝක උරුමය ලෙස පිළිගැනෙණ අතර පේරණ කලාපය තුළ ඇති ඉඩම් කුණු කොල්ලයට විකුණා දැමීමේ ක්‍රියා පිළිවෙත නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

නකල්ස් වනාන්තරය ලෝක උරුම ලෙස පිළිගැනීමේදී වනාන්තරයේ හෙක්ටයාර් 21,000ට අමතරව පේරණ කලාපයේ හෙක්ටයාර් 14,000 දහසකට ආසන්න ප්‍රමාණයක් සිතියම්ගත කර තිබේ.

දේශපාලනඥයන් කිහිපදෙනකුගේ අවශ්‍යතාව මත නකල්ස් රක්ෂිතයේ නොව පේරණ කලාපයට අයත් මෙම ඉඩම් කොටස් බදු දීම තුළින් විශාල පරිසර හානියක් සිදු වන බවත් මෙය වැළැක්වීම සඳහා පරිසර ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා වහා මැදිහත් විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

‘දිවි පරදුවට තබා රට රැක්ක අපි අද හිරගෙදර’ සිරගතකළ රටට නිදහස් දුන් රණවිරුවෝ කියන අනුවේදනීය කතාව

colombotoday

ශ්‍රී ලාංකිකයන්ගෙන් 63% ක් තම ප්‍රදේශයට කොරෝනා පැතිරෙනු ඇතැයි සිතන්නේ නෑ : සමීක්ෂණයකින් හෙළි වේ

colombotoday

MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් අනුමැතිය !

colombotoday

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday

කිරි උගුරේ සිරවූ දින 40ක සිඟිත්තිය මෙලොව හැර යයි

Admin

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday