World

එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්

එල් සැල්වදෝරයේ අධිකරණයක් විසින් එරට හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර තිබේ.

ඒ, ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග සබඳතා පැවැත්වීම සහ රාජකාරිය පැහැර හැරීම යන චෝදනාවලට වරදකරු කරමිනි.

මේ සම්බන්ධයෙන් ඔහුගේ හිටපු අධිකරණ සහ ආරක්ෂක අමාත්‍යවරයාට ද වසර 18ක සිර දඬුවම් නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2009 වසරේ සිට 2014 වසර දක්වා ජනපති ධුරයේ කටයුතු කළ ෆූනේස් මැතිවරණ වාසි වෙනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග පැවැත් වූ බව අනාවරණය වී තිබුණි.

කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිකරගුවාවේ පදිංචි ව සිටින අතර 2019 වසරේදී ඔහුට එරට පුරවැසිභාවය හිමි වුණි.

නිකරගුවාවේ නීතිවලට අනුව එරට පුරවැසියෙකුට විදෙස් රටවලින් අපරාධ චෝදනා එල්ල වුව ද ඔවුන් එම රටවලට භාර නොදෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

මීට වසරකට පමණ පෙර එල් සැල්වදෝරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අතර මේ හරහා අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස සැක කෙරෙන පුද්ගලයින් 68,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්ව තිබේ.

Related posts

ඊශ්‍රායලය ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කරයි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයි

colombotoday

ඉස්ලාමයට අභියෝගයක් කියා සෝමාලියාවත් නත්තල් සැමරුම් තහනම් කරයි

colombotoday

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday

ඇමරිකාවේ ජනපති පුටුවට කරට කර සටනක්

colombotoday