World

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් අතර පාසල් සිසුන් ද වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

නැගෙනහිර ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ පාසල් ළමුන් රැඳී සිටින ස්ථානයක අදාළ පිපිරීම සිදුව ඇති බව සඳහන් වේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් මෙතෙක් භාරගෙන නොමැති අතර සැප්තැම්බර් 11 වන විට අමෙරිකානු හමුදාව ඉවත් කර ගන්නා බවට එරට ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කිරීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩ ක්‍රි ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin

ISIS පුහුණුව ලබා දී ඉන්දීය තරුණයන් සිරියාවට යැවූ පුහුණුකරු අත්අඩංගුවට

colombotoday

යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්

Admin

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

යුක්‍රේනයේ රාජ්‍ය ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් – “පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි”

colombotoday

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

Admin