World

යුක්‍රේනයේ රාජ්‍ය ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයක් – “පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි”

යුක්‍රේනයේ කාර්කිව්හි මධ්‍යම නිදහස් චතුරශ්‍රයේ පිහිටි රාජ්‍ය ගොඩනැගිලි වලට සහ ජනාකීර්ණ ප්‍රදේශ වලට රුසියාව අද (01)දින මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුලිබා ඔහුගේ ට්විටර් ගිණුමේ වීඩියෝවක් පලකර ඇති අතර, එහි දැක්වෙන්නේ රාජ්‍ය ගොඩනැගිල්ලකට එල්ලවන මිසයිල ප්‍රහාරයක්.

එය මිලේච්ජ රුසියානු මිසයිල ප්‍රහාරයක් වනුවෙන් ද දිමිත්‍රෝ සදහන් කර ඇත.

එමෙන්ම “පුටින්ට යුක්‍රේනය බිඳ දැමිය නොහැකි යි. ඔහු කෝපයෙන් තවත් යුද්ධ අපරාධ කරයි, අහිංසක සිවිල් වැසියන් ඝාතනය කර යි,” යනුවෙන් ඔහු සදහන් කර තිබේ.

යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුලිබා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ රුසියානු ආක්‍රමණය නැවත්වීම සඳහා ලෝකයට තවත් බොහෝ දේ කළ හැකි බවයි.

Barbaric Russian missile strikes on the central Freedom Square and residential districts of Kharkiv. Putin is unable to break Ukraine down. He commits more war crimes out of fury, murders innocent civilians. The world can and must do more. INCREASE PRESSURE, ISOLATE RUSSIA FULLY! pic.twitter.com/tN4VHF1A9n

— Dmytro Kuleba (@DmytroKuleba) March 1, 2022

Related posts

වරකට මාසයක් මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉන්න නැවතුම්පොළක්

Admin

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday

නිව්යෝර්ක්‌ නිව්ජර්සි බෝම්බ පිපිරවූ මුස්ලිම් ජාතිකයන් 5ක් අල්ලයි

colombotoday

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

colombotoday

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය අද

colombotoday