World

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සිසුවෙක් මරුට. අවසන් වරට ඇය තැබූ ට්විටර් පණිවිඩය මෙන්න

යුක්‍රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ අධ්‍යාපනය හදාරන ඉන්දීය සිසුවියක් මියගොස් තිබේ.

රුසියානු හමුදා ප්‍රහාරයකින් යුක්‍රේන්යේදි විදේශීය සිසුවියක් මියගිය පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පූජා ප්‍රාහරාජ් නමැති අවසන් වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවියකි.

අදාළ සිසුවිය අද (01) උදෑසන එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් විදේශ කටයුතු අමාත්‍යංශ පවසා ඇත්තේ එය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවයි.

යුක්‍රේනයේ ඉන්දීය සිසු සිසුවියන් 16,000ක් පමණ අධ්‍යාපන ලබන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

යුක්‍රේනයේ මෙලෙස විදේශීය සිසු සිසුවියන් විශාල පිරිසක් අධ්‍යාපන හදාරන අතර, එම සිසුන් යුක්රේනයෙන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් පියවර ගෙන ඇත.

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මියයාමට පෙර ඉන්දීය වෛද්‍ය සිසුවිය තැබූ ට්විටර් පණිවුඩ සහ ඇගේ ඡායාරූප පහතින්….

Related posts

මැති, ඇමැති, නිලධාරී සියලු දෙනාගේ හෙළුව එලියට | ඔත්තු බලන පෙගාසස් මාධ්‍යවේදීන්ගේ දුරකතන ඇතුළේ

colombotoday

ගෙවතුවල ගංජා වගා කර අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව

colombotoday

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

colombotoday

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගටෙයි – 26ක් මරුට

Admin

කොවිඩ් මිනිස්සුන්ට ආසාදනය වුනේ කොහොමද ?

colombotoday