Colombo Today Local News

බාලවයස්කාර දැරියක් අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නියමය පරිදි එම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදුකරන බව නාවික හමුදාව පවසයි.

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් ජුනි 7වන දින ගල්කිස්ස පොලීසිය විසින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනුණු අතර මෙම විශේෂඥ වෛද්‍යවරයා ද අත්අඩංගුවට ගැණුනේ එම විමර්ශනවලට අදාළවය.

Related posts

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

colombotoday

ට්‍රම්ප් සමග එක්වී දෙමළ අයිතිවාසිකම් දිනාගන්නවා.. යුද අධිකරණය ස්ථීරයි

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

බෞද්ධ කොඩියක් එසවූවායැයි යාපනේ නොසන්සුන්තාවක්..

colombotoday

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

යුක්තියට අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

Admin