Colombo Today Local News

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක වන අතර ඇය ග්‍රාසියන් කොටස, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

වැල්ලවත්ත පොලිස් වසමේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අසලදී කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් ඊයේ (ජූලි 28) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරට ත් සඳහන් කරන්නේ, මියගිය තරුණිය සහ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණිය එක ම පවුලේ සහෝදරියන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව ය.

Related posts

රවී ඇතුළු අටදෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

නව ව්‍යවස්ථාවක් එපා ! සංශෝධනත් එපා ! මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ඒකමතිකව තීරණය කරති

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

මාත් “සරණ“ පූසා වගේ.. හදන්නම බෑ

colombotoday

මොරටුවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුත් ඉහලට

Admin