Colombo Today Local News

රවී ඇතුළු අටදෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයට

මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධව රිමාන්ඩ් භාරයට පත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුළු අට දෙනෙකු වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ පෙර පැවති කාන්තා අංශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසුවේ අද (18) දින මොවුන් සියලු දෙනාටම PCR පරීක්ෂණයන් සිදු කිරීමට නියමිත බවයි.

PCR පරීක්ෂණයෙන් පසු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වුවහොත් ඔවුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් චන්දන ඒකනායක මහතා තවදුරටත් පැවසීය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා ඊයේ (17)දින රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

එහිදී, මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණි.

Related posts

සූර් වී ඇනගනී.. හිටපු ඇමති පුතා අත්අඩංගුවට

colombotoday

මෙහෙම ගියොත් මේ සිද්ධ වෙන මරණ වලට සෞඛ්‍ය අමත්‍යාංශය වගකියන්න ඕනේ : GAMO

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්

Admin

කාපු ගුණයවත් නෑ, මහින්දගෙන් කාලා මෛත්‍රීගෙ ගුණ වයනවා – මුස්ලිම් සමුළුවේදී ෆවුසිට කොක්කක්

colombotoday

මෙරට වාහන එකලස් කිරීමට අවසර

colombotoday

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday