Colombo Today Local News

නව ව්‍යවස්ථාවක් එපා ! සංශෝධනත් එපා ! මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ඒකමතිකව තීරණය කරති

මේ මොහොතේ ශ‍්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් උවමනා නැති බවත් එම ක‍්‍රියාවලිය වහා නවතා දැමිය යුතු බවත් අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුන් විසින් අද ඒකමතිකව තීරණය කර ඇත.

නිකායන් දෙකේ කාරක සංඝ සභාවේ හිමිවරුන් අද මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ රන් ආයුද මණ්ඩපයේ රැස්වී ඒකමතිකව තීරණය කර ඇත්තේ මේ මොහොක් ශ‍්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිසිසේතම අවශ්‍ය නොවන බවයි.

යෝජිත ව්‍යවස්ථාව ඒකීය යයි කියූවත් ඉන් බුදු දහමට නිසි ස්ථානය නොලැබෙන බවත් එමගින් පළාත් සභාවලට පූර්ණ බලය ලබා දීමට යන බවත් උන් වහන්සේලා කියා සිටිති.

මෙම නව ව්‍යවස්ථාවට ශ‍්‍රී ලංකාවේ උභය පාර්ශවීය සංඝ රතනය මෙන්ම සමස්ථ ශ‍්‍රී ලංකාවේම බලවත් විරෝධය පළ කරන බව එහිමිවරුන් සදහන් කරති.

සංග සභාව අවසානයේ අදාල විශේෂ තීරණය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව මාධ්‍ය වෙත නිල වශයෙන් දැනුම් දුන්හ.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1995091840760289/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1995088554093951/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු ඇගවීමක්

colombotoday

දිගටම විපක්ෂ නායක – ආර්. සම්බන්ධන්

colombotoday

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

colombotoday

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධූරය මයියා ට

Admin

අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…

colombotoday

වෙසක් දින අගමැති කාර්යාලය තුලදී අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම වහන්සේ නමකට හානි

colombotoday