Colombo Today Local NewsCovid 19

කුරුණෑගල කටුපොතට පිවීසීම අවහිර කරයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී ඔවුන් පදිංචි පෙදෙසට පිවීසීම අවහිර කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ගීතිකා අමරසිංහ   මහත්මිය පැවසුවාය .

රෝගී කාන්තාව දුම්මලසූරිය දිවුරුම්පොළ පදිංචිකාරියක වන අතර ඇය දරුවන් පාසල් යැවීම සඳහා කැකුණගොල්ල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව නිවෙසක් කුලියට ගෙන පදිංචිව සිටියදී මෙම රෝගයට ගොදුරුව ඇති බවද වෛද්‍ය අමරසිංහ මහත්මිය පැවසුවාය.

එබැවින් ඇය දිවුරුම්පොළ සහ කටුපොත ප්‍රදේශවල ආගිය තැන් පිළිබඳව තොරතුරු සොයා බලන බවද කීවාය .

මෙම කාන්තාව පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගී පුද්ගලයාගේ සොයුරිය බවද ඔහු කැකුණගොල්ල නිවසට පැමිණීමෙන් පසුව ඇයටද ඔහුගෙන් වයිරසය ආසාදනය වී ඇති බවද අමරසිංහ මහත්මිය සඳහන් කළාය .

Related posts

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

colombotoday

පුළුවන්නම් ඇමතිකමෙන් ඉවත්කර පෙන්වන්න – වසන්තගෙන් එජාපයට අභියෝගයක් !

colombotoday

රාවණා ඇල්ල සැඩවෙයි

Admin

මාර්තු මස සිට පොහොර නොමිලේ.. කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday

අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට

colombotoday