Colombo Today Local News

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් අද (14) ඉතිහාසයේ පළමු වතාවට රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 164 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 164.37ක් වූ අතර ගැනුම් අගය 160.94ක් ලෙස සටහන්ව තිබිණි.

ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.

රුපියල ඉකුත් අගෝස්තු මාසයේදී සියයට 1.2කින් ද මේ මාසයේ මේ දක්වා කාලයේදී 0.8කින් ද දුර්වල වී ඇති අතර මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 6.1කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා සඳහන් කරයි.

Related posts

විවේචනය ගැන ජනපති කනස්සල්ලෙන්… සුජීව සේනසිංහ ඇමතිකමෙන් දොට්ට !!!

colombotoday

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් !

colombotoday

කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන්නැයි ජිනීවා කවුන්සිලය රජයට දන්වයි !

colombotoday

ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න..

colombotoday

නාවික හමුදාවේ රණවිරුවන් 180කට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday