Colombo Today Local News

අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට

එහි වාණිජ අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ය.

2008දී සිදු කළ ගාස්තු සංශෝධනවලට අදාළ ගැසට් නිවේදනය පරිදි දුම්රිය ගාස්තු සංශෝධන සිදු කිරීමට නියමිත ය.

එහිදී ඇතැම් ගාස්තු සංශෝධන 15% ඉක්මවා යා හැකි බව ද ඉඳිපොළගේ මහතා සඳහන් කළේ ය.

මෙහිදී අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවේ.

මේ අතර ආසන වෙන් කිරීමේ ගාස්තු ද සංශෝධන කෙරෙනු ඇති.

ඒ පිළිබඳ අවසන් වාර්තාව ලබන සතියේ දුම්රිය සමාන්‍යාධිකාරීවරයාට භාර දීමට නියමිත ය.

දුම්රිය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුවේ නිර්දේශ මත නව ගාස්තු සංශෝධන සකස් කිරීම සිදුවේ.

Related posts

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

colombotoday

ස.ජ.බ ට පොහොට්ටුවේ මධුර ඇතුළු පිරිසකගෙන් කුණු බිත්තර ප්‍රහාරයක්

colombotoday

ජාතික ලයිස්තුවට සමඟියේ අසමඟිය

Admin

ලක්ෂ 75 ක අයිස් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday