Colombo Today Local News

දූෂණ චූදිත මහෙන්ද්‍රන් නැවතත් මහබැංකු අධිපතිකටම ගන්න රනිල් පිලෙන් මෙහෙයුමක්

arjun m

යහපාලන ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරනු ලැබූ සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් නැවතත් එම ධූරයේ තබා ගැනීමට ආණ්ඩුවේ රනිල් හිතවාදී පාර්ශවය දැඩි උත්සාහයක නිරතව සිටින බව වාර්තා වනවා.

2015 වසරේ පෙබරවාරි මස මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදු කරනු ලැබූ ලක් ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දැවැන්තම මූල්‍ය වංචාවේ ප්‍රධාන චූදිතයාව සිටින ඔහුව එම තනතුරින් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා වෙත දැනුම් දී තිබියදී අගමැතිවරයා විසින් ඔහුව ආරක්ෂා කරමින් සිටින අතර කිසිදු බාධාවකින් තොරව ඔහු මේ වනතෙක් එම තනතුරේ රැඳී සිටී.

මහ බැංකු අධිපතිවරයාගේ ධූර කාලය මේ මස 31 වැනිදායින් අවසන් වන අතර ජනාධිපතිවරයාට ඒ සඳහා ගැලපෙන සුදුසුකම් සහිත වෙනත් පුද්ගලයකු පත් කිරීමේ බලය පවතී. එහෙත් එසේ නොකර දූෂණ චෝදනාවට ලක්වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය නැවත දීර්ඝ කිරීමට ජනපතිවරයා පොළඹවාගැනීම සදහා ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා සිදු කෙරී ඇත.

Related posts

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ විෂය පථයන් ගැසට් කෙරේ..

Admin

“ISIS ගැන අමරිකානු අනතුරු ඇගවීම පිළිබද මම මොකුත් දන්නෑ“ – ආරක්ෂක ලේකම්

colombotoday

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

colombotoday

රණ විරුවන්ට නඩු පැවරුවේ අපි නොවෙයි. අපි ඔවුන්ව එලියට ගන්නවා – ඇමති රාජිත කියයි

colombotoday

වැලිකඩට දුරකථන ගෙනයන්න හැදූ රැඳවියෙකු මාට්ටු

colombotoday