Colombo Today Local News

රණ විරුවන්ට නඩු පැවරුවේ අපි නොවෙයි. අපි ඔවුන්ව එලියට ගන්නවා – ඇමති රාජිත කියයි

යුද්ධය පැවති අවස්ථාවේ සිදුවූ වැරදිවලට තම රජයෙන් රණවිරුවන්ට විරුද්ධව නඩු පැවරුවේ නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඊයේ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, දඬුවම් මේ රජය යටතේ ලැබුනද නඩු පවරා ඇත්තේ පසුගිය රජය සමයේදී බව අවධාරණය කර සිටියා.

කොටින්ට විරුද්ධ සටන් කල කිසිදු රණවිරුවෙක්ට නඩු දමා නැති බවත් නඩු දමා ඇත්තේ ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ, වසීම් තජුඩින් ඇතුළු තුන්වන පාර්ශවයන් මරා දැමූ පුද්ගලයන්ට විරුද්ධව බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

යුද්ධය නිසා සිරගත කර සිටින රණවිරුවන් සියලු දෙනා එලියට ගන්නා බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී අවධාරණය කර සිටියා.

Related posts

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

ශ්‍රී ලංකන් විකිණීමට අර්ජුන් මහෙන්ද්‍රන් අත ගසයි (Exclusive)

colombotoday

12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රු. 20,000 ඉක්මවයි

colombotoday

කොකේන් ගහන කැබිනට් ඇමතිලා ගැන රන්ජන් හෙළිකරයි…

colombotoday

ගාමිණී වලේබොඩගේ නිවසට රියදුරෙක් නොමැති ලොරි රථයක් කඩා වැදේ

Admin

යල් පැන්න බන්ධනාගාර පනත් සංශෝධනයට පියවර

Admin