Colombo Today Local News

ඉන්දියාව – ලංකාව යා කර පාලමක් හදනවා – ඇමති කබීර් ඉස්ලාම් සමුළුවේදී කියයි

kabhir hashim

ඉන්දියාව හා ශ්‍රී ලංකාව ගොඩබිමින් යා කරමින් පාලමක් හැදීමේ හැකියාව ඇතැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉන්දුනීසියාවේ පැවැත්වෙන් 12 වන ඉස්ලාමීය ආර්ථික සමුළුව අමතමින් පැවසීය.

අදාළ පාලම ඉදිකිරීම සම්බන්ධයෙන් දෙරට අතර ඉහළපෙළේ සාකච්ඡා සිදුව ඇති බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළ අතර පාලම ඉදිකිරීමට සැලසුමක් තිබෙනවා. අපට එය ඉදිකිරීමේ හොද හැකියාවකුත් තිබෙනවා යැයිද පැවසීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් තලේ මන්නාරම සිට දකුණු ඉන්දියවේ දනුෂ්කොඩි දක්වා මුහුද මතින් පාලමක් සහ උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ප්‍රවාහන අමාත්‍යවරයා පැවසූ බවට ඉන්දීය මධ්‍ය අවස්තා කිහිපයකදිම වාර්තා කර තිබුණු අතර, ඒ පිළිබදව ප්‍රශ්න කිරීමේදී රජයේ අමාත්‍යවරුන් ප්‍රකාශ කර තිබුණේ එවන් පාලමක් සෑදීමේ කිසිදු අදහසක් නොමැති බවත්, ඒ පිළිබදව කිසිදු සාකච්ඡාවක් සිදුව නොමැති බවත්ය.

Related posts

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

colombotoday

‘අන්තර්ජාලයේ, සමාජ මාධ්‍යයේ පළකෙරෙන දේවල්වලින් 75% ක් බොරු’ – ජනපති

colombotoday

දියර පොහොර ගනුදෙනුව ගැන පරීක්ෂණයක් ඉල්ලා සමගි ජන බලවේගයෙන් CIDයට පැමිණිල්ලක්

colombotoday

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

colombotoday

ජනපති මැදුරට ගිය ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

colombotoday