Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකුට එම බන්ධනාගාරයේ කොමසාරිස්වරයෙකු විසින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (28)දින රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරී කටයුතුවල නිරතව සිටි අදාළ නියාමකවරයා සහ බන්ධනාගාර කොමසාරිස්වරයා අතර බහින්බස්වීමක් සිදුව ඇත.

පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් කොමසාරිස්වරයා විසින් නියාමකවරයාට පහරදී ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

පහරකෑමට ලක් වු නියාමකවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පියවර ගෙන තිබේ.

සිද්ධියට අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

Related posts

ඇප නෑ.. මහින්දානන්ද නැවතත් රිමාන්ඩ්

colombotoday

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 84 ක් අත්අඩංගුවේ

colombotoday

ගවේෂකයන්ට මරු කැන්දූ ටූටන්කාමන් ශාපය

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday

තෙල් තොගය ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්

colombotoday