Colombo Today Local News

තමිලිනීගේ පොතෙන් මහරගම පිළිකා රෝහලේ දරුවන්ට බෙහෙත්

tamilini 256එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාන්තා අංශයේ හිටපු නායිකා සිවගාමී ජෙයකුමාරන් හෙවත් තමිලිනී විසින් රචිත තියුණු අසිපතක සෙවන යට ග‍්‍රන්ථයෙන් උපයා ගත් රුපියල් ලක්ෂ තුනක් මහරගම පිළිකා රෝහලට සිකුරාදා (5) පිරිනැමීමට ඇගේ ස්වාමියා සහ ග‍්‍රන්ථ ප‍්‍රකාශක පියවර ගෙන ඇත.

ජෙයකුමාරන් ගේ ඉල්ලීමකට අනුව සිදු කෙරෙන මෙම ප‍්‍රදානය මහරගම පිළිකා රෝහලේ ළමා වාට්ටුවේ දරුවන්ට බෙහෙත් මිලට ගැනීමට පිරිනැමෙන බව අදාළ ග‍්‍රන්ථයේ ප‍්‍රකාශක, චිත‍්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක මහතා සඳහන් කරයි.

පිළිකා රෝගයට ගොදුරුව මහරගම ප‍්‍රතිකාර ලබමින් සිටියදී තමිලිනීගේ අවසන් ඉල්ලීම වූයේ තමා විසින් ලියා අවසන් කළ කෘතියෙන් ලබා ගන්නා ආදායමෙන් කොටසක් පිළිකා රොහලේ ප‍්‍රතිකාර ලබන දරුවන්ට දෙන ලෙසයි.

Related posts

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

අදාළ නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින්න. – අජිත් ප්‍රසන්නට මහේස්ත්‍රාත්ගෙන් දැඩි අවවාද

colombotoday

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday

“රජයේ විශ්විද්‍යාලවල ඉඩ මදි.. SAITM වැනි ආයතන තව හදනවා“ – සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

colombotoday