Colombo Today Local News

කටින් බතල විතරයි.. දකුණේ දාන ගෙම්බර් උතුරු නැගෙනහිර අන්තවාදීන්ට කෝ – ඥාණසාර හිමි පොලිස්පතිගෙන් අසයි

පොලීසිය දකුණේ සිංහල ජනතාවට ක්‍රියාත්මක කරන නීති උතුරේ අන්තවාදීන් පිරිස්වලට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොකරන බවත්, එබැවින් පොලිස්පතිවරයා කටින් බතල හිටවන්නෙකු පමණක්දැයි හැගෙන බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

දකුණේ සිංහල ජනතාවගේ ඉළ ඇට කැඩෙන්නට පහරදෙන පොලිසිය නැගෙනහිරදී රෝහල්ගත වන්නටම ගුටි කන බවද, විග්නේෂ්වරන්ලාගේ, ද්‍රවිඩ සන්ධානයේ ජාතිවාදී හැසිරීම නිසා උතුරේ සිංහල ජනතාව පීඩාවට පත්වෙද්දී පොලීසියට ඒවා නොපෙනෙන බවද උන්වහන්සේ පවසති.

වව්නියාව කොක්එළිය ගම්මානයේ සිංහල වැසියන්ට උතුරෙන් පිටවන ලෙසට කොටි පිස්තෝල කල්ලියේ හිටපු නායකයකු වන සින්නවන් නමැත්තා දිගින් දිගටම තර්ජණය කරන බවත් ඒ පිළිබදව වහාම සොයා බලන ලෙසට පොලිස්පතිවරායාගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කර සිටියහ.

Related posts

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැහැ

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

colombotoday

“2020 ජනපතිවරණයට එනේනේ ගෝඨාභයනම් ඉන්දියානු ජනතාවත් ඔහුට සහය දිය යුතුයි” – ඉන්දීය හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමි

colombotoday

“හොරු අල්ලනවෝ“ නාට්‍යය දැන් මාස 14ක් පුරා ජනතාව බැලුවා. අල්ලපු හොරෙකුත් නෑ. කරපු වැඩකුත් නෑ

colombotoday

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Admin