Colombo Today Local News

රනිල්ගේ ප්‍රධාන උපදේශක පාස්කරලිංගම්, රු මිලියන 125ක් කොටින්ට දුන් හැටි හෙළිවෙයි…

වර්ෂ 1989/90 වකවානුවේදී භාණ්ඩාගාර ලේකම්වරයාව සිටි ආර්. පාස්කරලිංගම් මහතා හරහා මිනීමරු – කොටින්ට රු. මිලියන 125 ක මුදලක් මහජනයාගේ බදු මුදලින් ගෙවූ බවට වන රිසිට්පත් සමූහයක් තමා සොයාගෙන ඇති බවත් ආර්. පාස්කරලිංගම් මහතාම පසුගිය යහපාලන රජයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධාන උපදේශකයා වූ බවත් ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (2 දා* උදේ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හෙළි කළේය.

හිටපු භාණ්‌ඩාගාර ලේකම් ආර්. පාස්‌කරලිංගම් මහතා හරහා මහජන බදු මුදල් කොටින්ට ලබාදුන් රිසිට්‌පත් තමා මහජනතාවට ඉදිරිපත් කරන බවත්, මේවා කූට ලේඛන නම් වහාම තමාට විරුද්ධව ඕනෑම තැනකට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළ හැකි බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

එදා මහජන බදු මුදලින් කොටින්ට මුදල් දුන් ආර්. පාස්‌කරලිංගම් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන උපදේශකයා ලෙස යහපාලන කාලයේ සියලු ආර්ථික ක්‍රියාවලින් මෙහෙය වූයේ කුමන අවශ්‍යතාව මතද යන ගැටලුව අද රට හමුවේ ඇතැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කීවේය.

එදා මහා භාණ්‌ඩාගාරයේ මහජන බදු මුදල් රට බෙදන බෙදුම්වාදීන්ට ලබාදුන්නේ ආර්. පාස්‌කරලිංගම් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ නමට බවත් ඔහු පසුගිය වසර තුනහමාරක කාලයේ සියලු ආර්ථික ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේ කටයුතුවල මූලිකත්වය ගත් බවත් ඇමැතිවරයා කීවේය.

මේ පාස්‌කරලිංගම් මහතාට මුදල් අමාත්‍යාංශයේ කාර්යාලයක්‌ තිබූ බවද ඔහු ඒ කාර්යාලයේ කටයුතු කළේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා ලෙස බවද ඇමැතිවරයා කීවේය.

ඔහුට මුදල් ගෙව්වේ කවර ගිණුමකින්ද යන්න තමා නොදන්නා බවත් ඉදිරියේදී ඒ ගැන සොයා බලන බවත් කී බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික තීන්දු තීරණ ගැනීමේ පසුගිය සාකච්ඡාවලට අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සහභාගි වූයේ ආර්. පාස්‌කරලිංගම් මහතා බවද කියා සිටියේය.

ප්‍රශ්නය – ඔබතුමා ඉදිරිපත් කළ රිසිට්‌පත්වල තිබෙන්නේ එම මුදල් ආර්. පාස්‌කරලිංගම් මහතාට ගෙව්වා කියලයි. මේ මුදල් එල්.ටී.ටී.ඊ. යට ගියා කියන්නේ කොහොමද?

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා – මේ කාලයේදී පාර්ලිමේන්තුවට දොaෂාභියෝගයක්‌ ඉදිරිපත් වුණා. එවකට සිටි කැබිනට්‌ අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මැතිතුමත්, ගාමිණී දිසානායක මැතිතුමත් හැන්සාඩ් වාර්තාවේ මේ මුදල් සහ ආයුධ ගිය ආකාරය පිළිබඳව ඉතා පැහැදිළිව සඳහන් කරල තියෙනවා. මම ඒ දොaෂාභියෝගයට අත්සන් කළ මන්ත්‍රීවරයෙක්‌ වගේම ඒ පාර්ලිමේන්තු විවාදය අසාගෙන ඉඳල තියෙනවා.

එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා තමා සමග සහභාගි වූ රූපවාහිනි විවාදයකදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී කොටින්ට සල්ලි දීල ආණ්‌ඩුව ගත් බව එය ටිරාන් අලස්‌ මහතාගේ නමද සඳහන් කරමින් කියා සිටි බව පැවසූ ඇමැති බන්දුල ගුණවර්ධන කීවේ තමා ඒ බව හැකිනම් ඔප්පු කරන්නැයි ඔහුට අභියෝග කළ බව පැවසීය.

දිවයින

Related posts

ඥාණසාර හිමි ඝාතන තැතක්..! පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

“අභූත චෝදනා ගැන කණගාටුයි.. දේශපාලනයෙන් සමුගන්න සූදානම්” – මහින්දානන්ද

colombotoday

2021 මෛත්‍රී නැවතත් ජනපති කරනවා.. මහින්දට, චන්ද්‍රිකාට ආය ජනපතිකම් බෑ

colombotoday

සජිත් කැපෙයි.. පුංචි ඡන්දයෙන් එජාපය ගොඩ දාන සටන කබීර්, රවී අතට !

colombotoday

ජනපති පැනවූ හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවේ අනුමැතියට..

colombotoday

අගමැති ඉල්ලීමට ජනපති එකගයි.. හමුදාපතිට සේවා දිගුවක් දෙයි.. හමුදාව ඇතුලෙන්ම විරෝධයක්!

colombotoday