Colombo Today Local News

ඥාණසාර හිමි ඝාතන තැතක්..! පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන් කිහිප දෙනෙකු විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඝාතනය කර ආගම් බේදයක් ඇතිකිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ලද පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අද(31) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත කුමාර විතනාගේ මහතා  විසින් පොලිස්පතිවරයාට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය තම කොට්ඨාසය වෙත භාරදී ඇති බවත්, සිරගතව සිට පැමිණී පුද්ගලයකු  විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට අදාළව මෙම පැමිණිල්ල ලැබී ඇති බවත් එම කොට්ඨාසය වැඩිදුර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුනු ඉදිරිපත් කර ඇත.

එසේම, මෙම සිරගතව සිටි පුද්ගලයා  විසින් ඉකුත් 2015 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරයකු වෙත රහස් ප‍්‍රකාශයක් ද ලබා දී තිබූ අතර, බන්ධනාගාරය තුළ සිට අපරාධකරුවන් විසින් අපරාධ මෙහෙයවීමට අවස්ථාව සලසා දෙන්නේ බන්ධනාගාර  නිලධාරීන් බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරිම සඳහා මෙම ලිපිය යොමු කර තිබූ බවටත් එහි සඳහන්ව ඇතැයි පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

Related posts

සතොස පනවා තිබූ කොන්දේසිය ඉවතට.

colombotoday

සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට වැඩසටහන් රැසක්

Admin

උතුරේ නැවතත් ප්‍රචන්ඩ ක්‍රියා ඉහළ යෑමට හේතුව ආරක්ෂක අංශ අනාවරණය කරයි !

colombotoday

ගණිකා නිවාසයක් වටලා කතුන් 08ක් අල්ලයි

colombotoday

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday