Colombo Today Local News

ජනපති පැනවූ හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවේ අනුමැතියට..

අද (27) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වේ.

ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

හදිසි නීතිය පනවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා අද යොමු කිරීමට නියමිත ය.

අද පැවැත්වෙන හදිසි නීති නියෝගවලට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජනබලවේගය ඊයේ ප්‍රකාශ කළේ ය.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත නව සංශෝධන කිහිපයක් එක් කරමින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී ද ‍මේ පිළිබඳ සාකච්ඡාවට ලක්ව ඇත.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රි ධුරයේ වජිර අබේවර්ධන මහතා අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.

Related posts

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

colombotoday

රන්ජන් මීගමුව දිසා අධිකරණයට රැගෙන එයි

colombotoday

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

colombotoday

“අර්ජුන් සුද්ද කරන්න සුජීව කෝප් කමිටුවට දාලා.. රනිල්ට ජිල්මාට් දාන්න දෙන්න බෑ” – වමේ කේන්ද්‍රය

colombotoday

අමාත්‍යංශ වල ඉදිරි ව්‍යාපාරික සැලසුම් ජනපති ඉල්ලයි

colombotoday