Colombo Today Local News

දැරියව අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි 4ක් ගැන හෙළි වෙයි | දැනට 32ක් අත්අඩංගුවේ

අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ද ඇතුළුව මේ වනවිට පුද්ගලයින් 32ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (04) දිනයේදී ද පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ වනවිට සිදුකර ඇති විමර්ශන අනුව එම දැරිය අලෙවි කිරීමට තවත් වෙබ් අඩවි 4ක දැන්වීම් පළ කර ඇති බවට අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතරින් එක් වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවය.

මීට පෙරද එවැනි වෙබ් අඩවියක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර මෙම දැරියව මුදලට ලබාගත් මාලදිවයින් ජාතිකයෙකු, දැරියව අපයෝජනය කිරීම සඳහා කාමර පහසුකම් සැපයූ හෝටලයේ කළමනාකරවරයා ද ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගෙන ඇති තවත් 12 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය‍.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 07 වනදා ගල්කිස්ස පොලීසිය විසින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

Related posts

බැටිකලෝ කැම්පස් එකට රජයෙන් විකල්ප දෙකක් | උපාධි පිරිනැමීමට අනුමැතිය දී නැහැ

colombotoday

පාසල් කිහිපයක ගුරුවරුන් සාරිය ගලවා පාසල් එයි

Admin

පාකිස්ථාන් අන්තාවදීන් රොත්තක් රටට ඇතුල් වේ.. කලින් හරවා යැව්වත් රාජ්‍යතාන්ත්‍රික වීසා අරන් අපහු ඇවිත් !

colombotoday

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග

colombotoday

කොටුවෙන් හමුවූ කොවිඩ් ආසාදිත නාවික සෙබලා සමග සිටි 200ක් නිරෝදායනයට

colombotoday

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday