Covid 19

Pfizer එන්නත් පළමු මාත්‍රා තොගය දිවයිනට…

ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය අද (05)දින අලුයම කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරණ ගුවන් යානයෙන් මෙරටට ළඟා විය.

ඊට මාත්‍රා 26,000 ක් ඇතුළත් වන අතර Pfizer එන්නත් ලක්ෂ දෙකක් මෙම මාසය තුළ කොටස් වශයෙන් ලැබීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අදාළ එන්නත් මාත්‍රා ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලෙස ලබා ගත් පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලෙස ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා ක්‍රියාත්මක තාක්ෂණික කමිටු නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ද, සෞඛ්‍යය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 6 පමණ පිරිසකට තවමත් දෙවැනි මාත්‍රාව ලබාගැනීමට හැකිව නොමැත.

පසුගිය මාසයේ දී ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, ඒ සඳහා ජපානයෙන් එන්නත් ලැබෙනු ඇති බවයි.

Related posts

නිරෝධායන ක්‍රියාවලියට යුධහමුදාව මැදිහත් වීමට එරෙහිව ජීනිවා වෙත පැමිණිලි

colombotoday

කොළඹ තවමත් අවදානම් | කොවිඩ් ආසාදිතයින් 23000 ඉක්මවයි.

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

දෙවරක් පැනගිය කොවිඩ් ආසාදිතයා මරුට බිලි

colombotoday

ජාතික රෝහලේ කොරෝනා වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday