Colombo Today Local News

මාතරදී යාචකයෙකුගෙන් රෝස් පාන් දන්සලක්

මිනිසුන් යාචකයින්ට ආධාර උපකාර කිරීම සාමාන්‍ය දෙයක් වුවත් යාචකයෙකු මිනිසුන්ට දන්සලක් දීමේ අහඹු සිද්ධියක් අද (28) මාතර නගරයෙන් වාර්තා විය.

පොසොන් පෝය නිමිත්තෙන් රෝස් පාන් , වඩේ හා කෙසෙල්ගෙඩි දන්සලක් පැවැත්වූයේ මාතර මහ නගර සභාව ඉදිරිපිට යාචකයෙකු ලෙස කටයුතු කරන අප්පුහාමී නැමැති 74 හැවිරිදි  පුද්ගලයෙකි.

මතුගම පදිංචිකරුවකු වූ ඔහු තම දේපල සියල්ල නැති වී පාරට වැටුණු පසු යාචකයෙකු ලෙස සිගමනේ ඇවිද්දේය. ඔහු මීට වසර 12කට පෙර  මාතරට පැමිණ තිබෙන අතර ඔහුගේ රාත්‍රී නවාතැන වූයේ මාතර දොඩම් පොලයි.

දිනපතා සිගමනෙන් ලැබෙන මුදල් ඔහු ඒ අසල සිල්ලර වෙළඳ සැලක් පවත්වා ගෙන යන ව්‍යාපාරික ඩී.පී.රණතුංග මහතාට පරිස්සම් කිරීම සඳහා භාර දී ඇත.ඒ ආකාරයට ලබා දුන් රුපියල් එක් ලක්ෂ හැටදහසක මුදලක් තමා ලග තිබෙන බව ඩී.පී.රණතුංග මහතා පැවසීය.

රෝස් පාන් , වඩේ හා කෙසෙල් ගෙඩි 2000බැගින් ඔහු අද එම දන්සලේදී ජනතාවට බෙදා දුන් අතර ඒ සඳහා රුපියල් තිස් දහසක මුදලක් වැය කර තිබුණි.

ඒ පිලිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ යාචක අප්පුහාමී මහතා මෙසේද කීය.

“දිනපතා සිගමන්යෙදීමෙන් ලැබෙන මුදල් පරිස්සම් කර ගැනීම සඳහා මම අපේ රණතුංග මුදලාලිට භාර දෙනවා. ඉන් කොටසක් මම වියදමට ගෙන තවත් කොටසක් සූදු ගහන්නත් යොදවනවා.ඔට්ටු වලින් දින්නම ලැබෙන මුදලුත් මුදලාලිට ගෙනත් දෙනවා. දැනට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ඔහු ලඟ තිබෙනවා.හැමදාම මිනිස්සු මට සල්ලි දෙන නිසා මම හිතුවා මේ පෝයට මිනිස්සුන්ට මගෙන් කෑම වේලක් දෙන්න ඕන කියලා.බත් වේලක් දෙන්න පහසුකම් නැහැ.ඒ නිසා රෝස් පාන්,වඩේ හා කෙසෙල් ගෙඩි දෙන්න තීරණය කළා.

මේ අවට කඩවල අය තමයි මට මේ සඳහා උදවු කළේ.සම්පූර්ණ වියදම මම විසින් සිදු කළා.දන්සලට කාගෙන්වත් එකතු කළේ නැහැ.මම සිගමනේයෙදී ලැබුණු මුදල් ඔට්ටු අල්ලා දිනා ගත් මුදල් ඒ සඳහා වැය කලා.”

lankadeepa

Related posts

අත්අඩංගුවට නොගන්නැයි ජොනීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…

Admin

මෙදා මහේ වී අලෙවියට නෙට් එකෙන් සෙට් වෙන්නැයි රජය ගොවි මහතුන්ට කියයි !

colombotoday

කන්න බොන්න නැති බෝගස්වැව අහිංසකයින්ට මරණ තර්ජන

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday

එස්.බී.-ඩිලාන් ඇතුළු 5 ක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවතට

colombotoday