Colombo Today Local News

ප්‍රභාකරන් මරා දැමූ 53වැනි සේනාංකය නාරම්මල රිලව් එලවන්න යොදවලා – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

වර්තමානයේදී යුද හමුදාවට ඛේදනීය ඉරණමක් අත් වී ඇති බවත්, එදා නන්දිකඩාල් කලපුවේදී කොටි ත‍්‍රස්ත්‍රවාදීන් මෙල්ල කළ 53 වැනි සේනාංකය පවා නාරම්මල ප්‍රදේශයෙන් රිලවුන් පලවාහැරීම සදහා මේ වනවිට යොදවා ඇති බවට විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා චෝදනා කරයි.

හෙතෙම මෙම චෝදනාව කළේ පෙරේදා (28 දා) පස්වරුවේ කුලියාපිටියේදී පැවැති වියත්මග නැමැති සම්මන්ත්‍රණයක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා මෙසේ ද පැවැසීය.

“ අවුරුදු 2500 ක ඉතිහාසයේ අපේ රට අදුරු යුගයන් කිහිපයක් පසු කළා. ඉන් බරපතලම අදුරු යුගය වෙන්නෙ 1983 ජූලි 23 සිට 2009 මැයි 19 දක්වා වන කාලවකවානුවයි. යටත් විජිත පෘතුග‍්‍රීසින්, ඉංග‍්‍රීසීන්, ලන්දේසීන් පූර්ණ වශයෙන් මේ රට යටත්කරගැනීමට සමත්වුණේ නැහැ. එදා මහා පාවාදීම් කළේ අපේම මිනිසුන් කිහිපදෙනෙක්. ඒත් රටම වසාගත් රුදුරු කොටි ත‍්‍රස්තවාදය නම් වූ අදුරුතම යුගයේදී ජාත්‍යන්තර බලවේගයන්ට යටත් නොවී වසර දෙක හමාරක් වැනි කෙටි කලකින් යුද්ධය අවසන් කරපු නායකයාව එක රැයින් ගෙදර ඇරීමේ මහා පාවාදීම සිදුකළේ 20 ක් 30 ක් නෙවෙයි ලක්‍ෂ 62ක් ජනතාවක් එකතුවෙලයි. “

“ අද වෙනකොට යුධ හමුදාවට අත්වෙලා තියන ඉරණම හරිම ඛේදනීයයි. මම වසර 35ක් සක‍්‍රීයව යුධ හමුදාවේ හිටියා විතරක් නෙවෙයි මගේ තරුණ දිවියම කැපකරලා යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම හිටියා. අවසන් අවස්ථාවේදී, නන්දිකඩාල් කලපුවට ගිය 23 වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා හැටියට ප‍්‍රභාකරන්ගේ අවසන් අවස්ථාවට මම දායක වුනා මහත් අභිමානයෙන්. අද වෙනකොට ඒ රුදුරු කොටි ත‍්‍රස්තයින් මෙල්ල කරපු 53 වැනි සේනාංකය එවනවා නාරම්මල පැත්තෙ රිලවු පන්නන්න. පුදුම වේදනාවක් එවැනි සිද්ධින්. අපි අද මේ සේරම කරන්නෙ ත‍්‍රිවිධ හමුදාවන් සිදුකළ අමිල සේවය නිසා. ඒ අයව මියැදෙන තුරාවට ස්මරණය කරන්න අවශ්‍ය තැනදී අද වෙන්නෙ යුධ අපරාධ කළා කියලා හිරේ දාන එක. අද වෙනකොට මහා පිරිසක් ඉන්නවා සිපිරිගෙවල් ඇතුලෙ. ඒ හැමෝම රටට සේවය කරන්න ගිහිල්ලා.“

“ අන්තර්ජාතික ප‍්‍රජාවගේ බලපෑම හා දෙමළ ඩයස් පෝරාවේ බලපෑමට තමයි ව්‍යවස්ථානුකූලව බලය දෙන්නත්, රටේ හමුදාවට දඩුවම් කරන්නත් තීරණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසයි අපි මේ අලුත් ව්‍යවස්ථාව ගෙන එනවාට විරුද්ධ. අද වෙනකොට ජනාධිපති ක‍්‍රමය වෙනස්කරන්න කියලා වැඩියෙන් කියන අය අතර ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. මේ කලබල අස්සෙ අතුරුදහන්වූවන් සම්බන්ධ පනතකුත් සම්මත කරගත්තා. මේ අය දිගන සිද්ධිය දැම්මේ අන්න ඒවා සම්මත කරගන්න තමයි. දැක්කනේ, මම අණ දීපු 53 සේනාකයේ යුධ ටැංකි පවා ගෙනිහින් මහා භයානක පරිසරයක් මවා පාලා යුද්ධය කරන කාලෙවත් දැම්මේ නැති හදිසි නීතිය පවා දාලා තමයි ඒ පනත් සම්මත කරගෙන තියෙන්නේ. බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත නම් අපේ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ගිහින් ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා තාවකාලිකව මැඩපැවැත්වුවා. මේවා ගැන කතාකරන නිසාද දන්නේ නැහැ මා එක්ක එකට ඉගනගත්ත වත්මන් යුධහමුදාපතිවරයා හමුදා කදවුරකින් වතුර උගුරක්වත් දෙන්න එපා කියලා නියෝග නිකුත් කරලා. ඒකට කමක් නැහැ. “

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ආචාර්ය නාලක ගොඩහේවා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මාධ්‍යවේදී මොහාන් සමරනායක සහ අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක්දමෙහිදී සභාව ඇමතූහ.

Related posts

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මහේෂ් සේනානායක දැක්වූ අදහස්

colombotoday

හැටන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොවිඩ්. නඩු කල් තබයි. – සියළුම සේවකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට.

colombotoday

ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත්‍රී – මහින්ද රහස් හමුවක් !

colombotoday

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

colombotoday

” ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් “

colombotoday

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

colombotoday