Colombo Today Local News

කන්න බොන්න නැති බෝගස්වැව අහිංසකයින්ට මරණ තර්ජන

මීට සති කිහිපයකට පෙර මාධ්‍යයට තම අසරණකම ප්‍රකාශකළ බෝගස්වැව සැළලිහිනිගම පදිංචි කුසට ආහාරයක්, බිමට ජලය, යාමට පාරක් නොමැති අහිංසක මිනිසුන්ට යතුරු පැදි මගින් පැමිණෙන නාදුනන පිරිසක් විසින් දිගින් දිගටම තර්ජනය කරමින් සිටින බව වාර්තා වෙනවා.

සැළලිහිනිගම රාජමහා විහාරාධිපති පුජ්‍ය තණමල්විල පියනන්ද හිමි වෙත දුරකත අංක සදහන්ව නොමැති (Unknown Number) දුරකථන ඇමතුම් 6ක් මේ වනවිට ලැබී ඇති අතර ඇමතුම් ලබාදුන් පුද්ගලයින් උන්වහන්සේට මරණ තර්ජන කරමින් බැනවැද ඇත.

මීට අමතරව ColomboToday.com අප වෙබ් අඩවිය මගින් ලොවට අනාවරණය කල උපන් බිමේ අනාතවූ තම දුක සදහන් කල පහත වීඩියෝ දෙකෙහි සිටින මවට සහ පියාට අවස්ථා දෙකකදී මරණ තර්ජන කර ඇත. වරක් දිවයින මාධ්‍යවේදියකු ලෙස පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර තවත් වරෙක මහවැලි අධිකාරිය ලෙස පවසමින් පැමිණ මෙලෙස තර්ජනය කර ඇති බවයි අපවෙත වාර්තා වන්නේ.

[mom_video type=”youtube” id=”oaw5QJX3VJ8″]

[mom_video type=”youtube” id=”Hf9it_W1Pno”]

Related posts

තැපැල් සේවාවේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

colombotoday

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ මඩින්න ජනාධිපති කාර්යසාධක බලකායක්

Admin

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

Admin

කුරහන් තලප කාපු අපට ආප්ප න්‍යාය පුරුදු නෑ

colombotoday

සිංගප්පූරු සිරිතට මහේන්ද්‍රන් පදිංචිය මාරු කරනවා… ඔහු සමග සම්බන්ධයක් නෑ – අගමැති කියයි

colombotoday

දෙවනගල ප්‍රේරණ කලාපය සලකුණු කිරීම ඇරඹෙයි.

colombotoday