Colombo Today Local News

පිරිසක් නිවසකට වෙඩිතබා පළාගිහින්

අද (01) අලුයම් කාලයේදී පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර සැකකරුවන් පළාගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ පිළියන්දල ප්‍රදේශයේ පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත.

පොලීසියට වාර්තාවී තිබෙන්නේ එම නිවස ආසන්නයේ වෙනත් ඉඩමක නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ කටයුත්තක් වෙනුවෙන් සහභාගී වීම සඳහා එම පිරිස අදාළ නිවසේ නතරවී සිට ඇති බවත් එම නිවස මිලදී ගැනීමේ සූදානමින් ඔවුන් පසුවී ඇති බවත්ය .

අදාළ නිවසේ සිටි පිරිස නිදා සිටියදී එක්වරම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවත් කලබල වූ පිරිස නිවසේ කුස්සිය වෙත දුව ගොස් සැඟවී ඇති බවත් පසුව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දී ඇති බවත් පැවසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

Admin

සෝභිත හිමියන්ගේ තැන ගන්න දඹර හිමි එයි

colombotoday

එජාප තනි ආණ්ඩුවක්…!! ජනපතිත් එකගයි. නිදහස් පක්ෂ ඇමතිවරු ඉල්ලා අස්වීමට සුදානම්

colombotoday

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin