Colombo Today Local News

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

සියලු දිස්ත්‍රික්කවල සහකාර හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් අද (15)දින මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබේ.

අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් මැතිවරණ කොමිසමට කැඳ වූ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කරයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සමග පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙයයි.

ඉදිරියේදී පැවැත්විය හැකි මැතිවරණවලදී කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් සහ කොමිසමේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කරයි.

Related posts

ඉන්ධන පෝලිමක තවත් මරණයක්

colombotoday

බොරැල්ලේ වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

Admin

ආණ්ඩුවේ මෝඩ ඇමතිලාගේ කටවල් වහන්නැයි ඇල්ලේ නාහිමි ජනපතිගේ මූණටම කියයි

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin

බ්‍රැන්ඩික්ස් සේවකයින්ට ලබා දුන් කාලය අවසන්.. සැඟවී සිටින අය අද සිට අත්අඩංගුවට – අජිත් රෝහණ

colombotoday

ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ඇත්තේ ජනපතිට හොරෙන්

Admin