Colombo Today Local News

බොරැල්ලේ වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක් තුළදී සිදුකරන ලද වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධකාගාරගත කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එළැඹෙන 31 වනදා දක්වා එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගත කර ඇත.

මුදල් ලබාදෙන බව පවසමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා මෙම පිරිස විසින් වකුගඩු ජාවාරම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් තැරැව්කරුවන් වන අතර අනෙක් දෙදෙනා ඒ සඳහා ආධාර අනුබල දුන් ග්‍රාමසේවා නිලධාරීන් දෙදෙනෙකි.

එක් තැරැව්කරුවෙක් මීට පෙර දිනයක දී අත්අඩංගුවට ගෙන තිබූ අතර අනෙක් තිදෙනා ඊයේ (16)දින කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්න

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

colombotoday

නව ගුවන් හමුදාපති වැඩ අරඹයි

Admin

ඉන්දියාවෙන් ගෙන ආ කහ තොගයක් මන්නාරමෙදී හමුදා බාරයට

colombotoday

දුරකථන ඇමතුම් දත්ත ඇතුලත් බැදුම්කර වාර්තාවේ පිටපත ජනතාවට නිකුත් කරයි….

colombotoday