Colombo Today Local News

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇත.

මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයින්ට හිමි වූ බව ද අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එතෙර රැකියාවල නිරත පුද්ගලයින් විසින් ඔවුන්ගේ ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් ඔවුන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම මීට පෙර සිට ක්‍රියාත්මක වුණි.

ඒ අනුව විද්‍යුත් වාහන ආනයනය සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022.05.01 සිට 2022.12.31 වන දින දක්වා කාලසීමාව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ හිමිවුණි.

Related posts

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

ඝාතනය වූ පැලවත්ත කෝටිපති ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමු වෙයි

Admin

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

Admin

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්තවෙයි

Admin

අගමැති මහින්දට චීනයෙන් සුබ පැතුම්

colombotoday

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

colombotoday