Colombo Today Local News

අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර වලට සහල් නොදෙන්න – කෘෂිකර්ම ඇමති දැනුම් දෙයි

2023 යල කන්නයේ වී අස්වනු ලැබෙන තෙක් සත්ව ආහාර සඳහා දැනට පවතින සහල් තොග නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

2021 මහ කන්නයේ රසායනික පොහොර තහනමත් සමග මෙරට බඩ ඉරිඟු වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා අඩුවීම නිසා 2022 වර්ෂයේ දී සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු විශාල හිඟයක් ඇති විය.

කෙසේ වුවද දැනට පවතින බඩඉරිඟු ප්‍රමාණය අනුව සත්ව ආහාර සැකසීම සඳහා තවත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 217,633ක් අවශ්‍යව තිබෙන බවත් මෙම අඩුව පිරවීම සඳහා සහල් යොදා ගැනීමේ හැකියාවක් ඇතත් යල කන්නයේ අස්වනු නෙලා ගන්නා තෙක් පවතින සහල් හා වී තොග සත්ව ආහාර සඳහා යොදා නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී ඇත.

2022 වසර ඇතුලත මෙරටට බඩඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය කළේය.

2023 ජනවාරි සිට අප්‍රේල් මස දක්වා මෙරටට බඩඉරිඟු මෙට්‍රික් ටොන් 27,867ක් ආනයනය කර ඇති අතර පසුගිය මහ කන්නයේ දී මෙට්‍රික් ටොන් 187,000ක අස්වැන්නක් ලැබී තිබේ.

මෙවර යල කන්නයේ දී මෙට්‍රික් ටොන් 67,000ක බඩ ඉරිඟු අස්වැන්නක් අපේක්ෂිත අතර 2023 වර්ෂය සඳහා සමස්ත බඩඉරිගු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 05කි.

Related posts

පිළිකා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත කීවා – රෝහල් අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

colombotoday

කුඩු හොරු දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි

colombotoday

රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තු ගෞරවයට හා උත්තරීතර භාවයට හානි කරනවා – හිටපු කථානායක කියයි

colombotoday

පරාජය දරාගත නොහැකිවූ මංගල සමරවීර තිසරණයෙන් සංඝරත්නය ඉවත් කරයි

colombotoday

මද්දට හසුව සිටියදී බෙරා ගත් දිවියාට ප්‍රතිකාර කර කැළෑවට මුදාහරී

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday