Colombo Today Local News

රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.

භාණ්ඩාගාරයට පසුගිය දෙසැම්බර් මාසයේ රුපියල් බිලියන 141ක ආදායමක් ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (17)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

ඉන් රාජ්‍ය වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 88ක් ද විශ්‍රාම වැටුප් සහ සමෘද්ධිලාභීන් සඳහා රුපියල් බිලියන 30ක් ද පෙහොර ලබා ගැනීම සඳහා රුපියල් බිලියන 6.5ක් ද ඖෂධ සඳහා රුපියල් බිලියන 8.7ක් ද වෙනත් පරිපාලන වියදම් සඳහා රුපියල් බිලියන 154ක් ද වියදම් කර ඇති බව ය.

“ඉතින් 141කින් 154ක් කරන්නේ කෙසේ ද? මාසෙකට. වෙන විකල්ප ක්‍රමයක් සොයා ගන්න බෑ. රජයේ ආදායම කියන්නේ මහ ජනයගෙන් ලබා ගන්න ආදායම මහ භාණ්ඩාගාරය කරන්නේ එය කළමනාකරණය කිරීම. කළමනාකරණය කිරීම කරන්න බැරි තත්ත්වයට පත්වෙලා. මොක ද ආදායම තියෙන්නේ 141යි.

පුනරාවර්තන වියදමේ තව කොටසක් තියෙනවා. රාජ්‍ය ණයවලට පොළී ගෙවලා තියෙනවා රුපියල් බිලියන 182ක් ඒ ගෙවලා තියෙන්නේ සල්ලි අච්චු ගහලා. මොක ද පොළී නොගෙවා ඉන්න බෑ. දේශීය හා විදේශීය ණය හිමියන්ට ගෙවිය යුතු පොළිය අනිවාර්යයෙන් ගෙවන්න ඕන.”

ගුණවර්ධන මහතා වැඩිදුරට ත් කියා සිටියේ, අනිවාර්ය වියදම් දැරීමට පවා ආණ්ඩුවට ආදායමක් නොමැති බව ය.

Related posts

අලි පැටවුන් අල්ලා රට පැටවීමේ ජාවාරමක් !

colombotoday

දයාසිරි මහින්දගෙන් සමාව ගත්තා. ජනාධිපතිවරණයට මෛත්‍රී හෝ ගෝටා – ඩිලාන්

colombotoday

ලිට්‍රෝ සමාගම ගෑස් ගන්න ලෝක බැංකුව සමග ගිවිසුමකට එයි

colombotoday

පොලිසියේ විනය බිංදුවට වැටිලා.. ඇමතිගෙන් පොලිස්පතිට දැඩි අවවාද

colombotoday

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

colombotoday

කුණු ගැටළුව ගැන මාධ්‍යවේදීන් අසයි.. ඇමති ‘ආටක නාටක‘ පෙන්වයි (Video)

colombotoday