Colombo Today Local News

කුරහන් තලප කාපු අපට ආප්ප න්‍යාය පුරුදු නෑ

mahinda_rrrr

කුරහන් තලප කා පුරුදු තමන්ට ආප්ප න්‍යාය පුරුදු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ආප්ප න්‍යාය තෝරාගැනීමට ‍නොහැකිවීම නිසා තමාට වැරදුණු බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අද(26)කුලියාපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් ආමන්ත්‍රණය කරමිනි.

තමන් මහින්දෝදය නමින් විද්‍යාගාර 1000ක් ස්ථාපිත කළ බවත්,මහින්දෝදය යනු තමාගෙ නම නොවන බැවින් ඒම බෝඩ් ලෑලි ගලවා හෝ එම පාසල්වල දරුවන්ට එම සම්පත් ප්‍රයෝජනයට ගැනීමට ඉඩදිය යුතු බව ඔහු සඳහන් කළේය.

මේ රජය වෙන කිසිවක් නොකොට එෆ්.සී.අයි.ඩී හා සී.අයි.ඩී සරණං ගච්චාමි කියමින් ඒවා සරණ යමින් සිටින බවත්,පුද්ගලයින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළද ජනතාවගේ මනස රිමාන්ඩ් ගත කළ නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

Related posts

කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..

colombotoday

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

අලුත් කැබිනට්ටුව 18 දිවුරුම් දෙනවා ඊටපස්සේ රට හදනවා

Admin

මාමා නොඑයි… බෑණා යළිත් ඇතුළට…

colombotoday

මහ බැංකු පරිශ්‍රයට කඩා වැදි 09ක් අත්අඩංගුවට

Admin

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday