Colombo Today Local News

හයවන වරටත් GMOA මුල් පුටුව වෛද්‍ය පාදෙණියට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මඩුල්ල ලෙස එහි හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම යළිත් නිතරෙගයෙන් පත්වී තිබේ.

පාදෙණිය මහතා මෙවර එහි සභාපති ධුරයට පත්ව ඇත්තේ අඛණ්ඩව 6 වැනි වරටය.

මෙතෙක් සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙවර එහි ලේකම්ධූරයට පත්ව ඇති අතර එහි හිටපු ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සංගමයේ සංස්කාරක ධුරය සඳහා තෝරාගෙන ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී පැවති අතර නව නිලධාරී මණ්ඩලය තෝරාගැනීම සහ සාමාජිකයින්ට හා සෞඛ්‍ය සේවයට අදාළ කරුණු රැසක් සාකච්ඡා කිරීම එහිදී සිදුවූ බව ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

Related posts

උඩරට මැණිකෙගෙ මෝටර් රථයක් ගැටෙයි

colombotoday

කෝප් සභාපතිට මැතිසබේ විරෝධයක්… – විපක්ෂ නායක විමර්ශනයක් ඉල්ලයි

Admin

වාසු, විමල් සහ උදය ගේ යුගදනවි දිවුරුම් පෙත්සම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නීතිපතිවරයා දන්වයි

colombotoday

මුදල් පනතක් පරාජය නොවී ආණ්ඩුව 99න් බේරෙයි

colombotoday

චීන පොහොර නැව අනිවාර්යෙන්ම ආයෙත් ලංකාවට එනවා

colombotoday

මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday