Colombo Today Local News

එස්.බී.-ඩිලාන් ඇතුළු 5 ක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවතට

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුවට පිටින් ගිය එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, රෙජිනෝල්ඞ් කුරේ, මොහාන් ලාල් ගේ‍්‍රරු යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සම්මේලනයට සහභාගි නොවීමට ගත් තීරණයට පිටින් මෙම මන්ත‍්‍රීවරු පිරිස එම සම්මේලනයට සහභාගි වූහ.

ඒ අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ එස්. බී. දිසානායක මහතා වෙනුවට වෙනත් අයකු පත් කිරීමට නියමිත අතර ඉවත් කරනු ලැබූ අනෙක් මන්ත‍්‍රීවරුන් වෙනුවට අලූතින් පිරිසක් මධ්‍යම කාරක සභාවට පත්කරන බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday

ඉන්ධන අර්බුදය විසඳන්න මිල සංශෝධනය ප්‍රමාණවත් නෑ මිල සූත්‍රයක් අත්‍යවශයයි – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

ගුරුවරිය 16 සිසුවා 60වතාවක් හෝටලයට රැගෙන ගිහින්… පාසලේ තැන තැන අපයෝජනය වෙලා

colombotoday

ජනපතිගෙන් යළි විශේෂ ආරාධනයක්

Admin

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

colombotoday