Colombo Today Local NewsTop Stories

ගිය සතිය තුළ පමණක් විදෙස් ණයබර කෝටි 4700කින් ඉහළට..

පසුගිය සතිය තුළ රුපියල පිරිහීම නිසා පමණක් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍ර‍මාණය රුපියල් බිලියන 47 කින් පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි .

පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 157.46 සිට 159.04 දක්වා රුපියල් 1.58 කින් අවප්‍ර‍මාණය වී ඇති බවද ඒ අනුව ගණනය කළ විට මෙසේ ඇමරිකානු ඩොලර් බිලියන 30 ක පමණ වන ශ්‍රී ලංකාව් විදේශ ණය ප්‍ර‍මාණය රුපියල් බිලියන 47 කින් පමණ ඉහළ ගොස් ඇතැයි හිටපු මහ බැංකු අධිපතිවරයා කියයි .

එම ණය ඉහළ යෑමට සාපේක්ෂව වෙනත් පිරිවැයන් විග්‍ර‍හය කරන්නේ නම් කොළඹ/කටුනායක අධිවේගී මාර්ගය සදහා ආයෝජනය රුපියල් බිලියන 48 ක් ද , මත්තල ගුවන්තොටුපොළ සදහා ආයෝජනය රුපියල් බිලියන 30 ක් සහ 2014 දී සමෘද්ධිය සහ පොහොර සහනාධාරය සදහා වූ පිරිවැය රුපියල් බිලියන 47 ක් ද වන බව ඒ අනුව රුපියල පිරිහීමේ අහිතකර තත්වය මැනවින් පැහැදිලි වන බවද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් කියයි .

srilankaeconomy.com

Related posts

ලාංකික නැවියන් 6 දෙනෙකුට කොරෝනා වැළදෙයි !

colombotoday

සජබ අද ජනාධිපති මන්දිරය වැටලීමට සැරසෙයි. කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

colombotoday

කොරෝනා ආසදිතව මිය ගිය බිලිදාගේ නඩුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වෙයි

colombotoday

විජයකලා නිදහස් කරන්න නියෝග

Admin

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday